රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීම නොලබන බවට ප්‍රකාශ කර ඇත, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙසට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම (EPF) හා රැකියාවක නිරතවීම (Job) ලෙස සඳහන් අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැඳවීමටත් අපේක්ෂා කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කරයි.
ඒ අනුව, එම අයදුම්කරුවන්ට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.pubd.gov.lk හි පළ කරන දැන්වීම අනුව අයදුම් කරන ලෙසත් 2020.09.15 දිනට පෙර තම අභියාචනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙසත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටි.

