Advertise with Giraya
SPORTS

පෞද්ගලික හේතුවක් මත මාලිංගට IPL තරඟ රැසක් අහිමි වෙයි

වේගපන්දු යවන ක්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ මූලික වටයේ තරඟ රැසක් අහිමිවනු ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරඟ රැසකට එක් නොවන බව වාර්තා වේ. ‘ක‍්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මාලිංග මෙම තීරණය ගෙන ඇත්තේ, ඔහුගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ය.

කෙසේවෙතත්, තරගාවලියේ අවසන් තරඟ කිහිපය සඳහා ලසිත් මාලිංග ක‍්‍රිඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ. මෙවර අයි පී එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top