Advertise with Giraya
NEWS

ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන 23ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 2941 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (21) දිනයේ දි තවත් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ ය.

එම නව ආසාදිතයින් 23 දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් එක් අයෙක් ඉන්දුනීසියාවේ සිට ද, එක් අයෙක් කුවේට් සිට ද, එක් අයෙක් තුර්කියේ සිට ද, දෙදෙනෙකු චෙන්නායි සිට ද, තවත් 18 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

එමෙන්ම, ඊයේ (21) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 24 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන ලදී. ඒ අනුව, මෙරට වාර්තා වූ රෝගීන්ගෙන් 2789 දෙනෙකුම මේ වන විට සුවය ලබා ඇත.

Giraya News Alerts

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 141කි. තවත් පුද්ගලයින් 65 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top