Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රනිල්ව ලබන 4 වැනිදා ජනාධිපති කොමිසම හමුවට කැඳවයි

එළඹෙන සැප්තැම්බර් මස 04 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට අද (21) නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, හිටපු අග‍්‍රාමාත්‍යවරයා අද (21) දින එම කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ද හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (21) කැඳවීමක් කර තිබූ නමුත් ඔහු අද (21) දිනයේදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ද පෙනී සිටියේ නැහැ.

මේ අතර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සැප්තැම්බර් මස 09 වනදා හෝ 11 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද (21) නැවතත් නොතීසි නිකුත් කෙරුණා.

Giraya News Alerts

හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක කළ පැමිණිල්ලකට අදාළවයි.

දිවිනැගුම, දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේ දී ස්වෙච්ඡාවෙන් ඉවත්වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම හා ‘‘ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන්” සහන ලබාදීමේ සිද්ධීන්වලට, දේශපාලන බලපෑම් මත තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට වෛද්‍ය නිහාල් ජයතිලක එම කොමිසට පැමිණිලි කර තිබුණා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top