09 වෙනි පාර්ලිමේන්තුවේ සිය මංගල කතාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වඳුරන් සහ රිලවුන් සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් පැවසුවේ, මෙරට වදුරැ ගහණය සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
වදුරන් විසින් කෘෂි අස්වැන්න විනාශ වන අතර ගොවීන් ඒ හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
කුරුම්බැට්ටියක් දෙකක් පමණක් ආහාරයට ගැනීමට ගසට නගින වදුරන් හෝ රිලවුන් විසින් පොල් ගසම විනාශ කරන බවත් තමන් කෘෂි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී වදුරන් මිලියනයක් මෙරට සිටි බවත් අද වන විට එය මිලියන 02ක පමණ වදුරු ගණත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.
කෙසේ වෙතත්, මෙම බෞද්ධ රටක් වීම නිසා මෙම සතුන්ට හානියක් නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා කෙසේ වෙතත් එවැනි ක්‍රියාවන්ට එරෙහිවීම සඳහා සත්ව අයිතීන් සුරකින කණ්ඩායම් ද සිටින බවට සිහියේ තබා ගන්නා ලෙස මතක් කරා සිටියා. මිනිස් පරිභෝජනය සඳහා වගා කරනු ලබන ආහාර වලට සතුන්ගේ ආරක්ෂාව සහතික කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින බව මෙහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවා.
