Advertise with Giraya
Giraya NewsGiraya News
SPORTS

මහේල IPL වලට ඩුබායි යයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන අද (21) ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මහේල ජයවර්ධන මෙවර 4 වැනි වරටත් ‘මුම්බායි ඉන්දියන්ස් ‘ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහු යටතේ දෙවරක් එම කණ්ඩායමට එම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට භාග්‍යය උදා වුණි.

මේ අතර, ‘සන්රයිසස් හයිද්‍රාබාද්’ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද එම කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කරන මාරියෝ වෙල්ලවරායන් ද සැප්තැම්බර් 4 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.

Giraya News Alerts

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය සැප්තැම්බර් 09 වන දින සිට නොවැම්බර් 08 දක්වා ඩුබායි හි දී පැවැත්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top