ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව භූවිද්‍යා කාර්යාංශයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීම් ඒකකය සඳහන් කරනවා. එම භූකම්පනය මෙරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ සිදුවු බව ද එම ඒකකය වාර්තා කරයි.
මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් නොමැති බවත් එම ඒකකයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් වාර්තා කරයි. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආසන්නයේ දී මිට දින දෙකකට පෙර රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුවිය.
