ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 2918 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (20) දිනයේ දි තවත් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ ය.
එම නව ආසාදිතයින් 16 දෙනාම චෙන්නායි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
එමෙන්ම, ඊයේ (20) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් පස් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන ලදී. ඒ අනුව, මෙරට වාර්තා වූ රෝගීන්ගෙන් 2765 දෙනෙකුම මේ වන විට සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 142කි. තවත් පුද්ගලයින් 97 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.
