Advertise with Giraya
NEWS

රජයේ සේවකයින්ට සතියට එක් දිනක් බතික් හෝ දේශිය ඇඳුම් ඇඳගෙන ආ යුතු බවට නීතියක් ගෙන ඒමට පියවර ගන්නවා -දයාසිරි ජයසේකර

රජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙනඒමට පියවර ගන්නා බව බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව පැවසුවේ තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඔහුගෙන් විමසු අවස්ථාවේ දීය.

එමෙන්ම, අද (20) පාර්ලිමේන්තු මංගල සැසිය සඳහා දයාසිරි ජයසේකර බතික් ඇඳුමකින් සැරසී සහභාගී වීම බොහෝදෙනාගේ අවධානය යොමු විය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top