09 වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අගෝස්තු 20 දින පෙරවරු 09.30 ආරම්භ වූ අතර නවක මන්ත්‍රීවරුන් 81 දෙනෙකු සහිතව සභිකයින් 223 දෙනෙකු ඊට සහභාගී විය.
එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට මෙතෙක් පුද්ගලයෙකු නම් නොකිරීම නිසා එම ධූර දෙක තවදුරටත් හිස්ව පවතී.

මේ අතර 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ පාර්ලිමේන්තු පරිශ්‍රයට වෙත ළඟාවූයේ දියවන්නා ඔයෙන් පැමිණි බෝට්ටුවකිනි.
සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර දී මන්ත්‍රීවරයෙකු වෙත හිමිවන තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා නොගන්නා බවට ජනාධිපතිවරයා වෙත ලිඛිත ප්‍රතිඥාවක් ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ සඳහන් කළේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දියවන්නා ඔය සංවර්ධනය කිරිමේ වැඩ පිළිවෙළට අදාළව අද දිනයේදී පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් ඒමට හැකිවූ බවයි.
එසේම ජල ආශ්රිත ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරලීමට ඉදිරියේදී පියවර ගැනීමට නව රජය බලාපොරොත්තුව වන පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කොළඹ නගරය ආශ්රිත මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස එය භාවිතා කළ හැකි බවයි.
එසේම දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරුවෙකු වන දිලිත් ජයවීර විසින් මධුර විතාන සම්බන්ධයෙන් තම ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබෙනවා.
එය පහතින්.
අපි ආපු ගමනක් නේද, මධුර?

මතකද Law Faculty එකේ මිදුලේ තණපළස උඩ කෙල්ලෝ ගොඩක් එක්ක වාඩි කරල මම ‘තෙලක්’ බෙදුවා? මම කථාව කරගෙන යන කොට, පොඩි කොල්ලෙක් රොල් කරලා හොරෙන් චිට් එකක් දුන්නා. මෙන්න මේවට උත්තර දෙන්න දිලිත් අය්යේ කියල තිබුණා. ඒකේ තිබුණෙ අපි හදපු අලූත්ම සංවිධානය ‘‘නීති ශිෂ්‍ය සහයෝගිතා සංවිධානය’’ (LSOC) ට විරුද්ධව ‘‘නොබැඳි’ (ඉන්ඩෝ) අය කියන දේවල්. ඒ 1992 දී මට මතක විදිහට. අන්න ඒ මධුර අද පාර්ලිමේන්තු මන්ත්‍රී!!
නීති පීඨය ‘‘මුදවා’’ ගැනීමේ අරගලයේදී මාත් එක්ක MATE 50 බයික් එකේ නැගල කොළඹ පුරා කරක් ගහල පෝස්ටර් අඳින්න කොළ, තීන්ත, භූමිතෙල් ගේන්න, පාප්ප ගේන්න ගිය පොඩි එකා. මම පෝස්ටර් අඳිනකොට Sponge එකක් අරගෙන කහපාට ගාලා දෙන්න, පාප්ප බාල්දිය අරගෙන මාත් එක්ක හිටපු එකා. Science faculty එකේ රෝනියෝ මැෂින් එක එළිවෙනකම් කරකවපු එකා. කැම්පස් එකෙන් අවුට් වෙලා දිලිත් අය්යේ මාවත් TRIAD එකට ගන්න කිව්වම, ARTICLE-14, Hammer BTL දාල දැන් මේක ඇදපන් කියල බාර දුන්නේ ආදරේට. Hamer BTL එක දිගටම ඇදගෙන ඇවිත් තත්වෙකට ගත්තට පස්සෙ තවත් මේක කරන්න බෑ මේ Business එක නගර සභාවට පගා නොගෙව කරන්න බෑ. කියල හැමදාම කන්කෙඳිරි ගෑවේ, ඔය මධුර. ඒත් අපි කාටවත් පගාව දුන්නේ නෑ.
දිලිත් අය්යේ. මාව නගර සභාවට ඉල්ලන්න දාන්න. මම ඔය හොරකම් නවත්තල පෙන්නන්නම් කියල කිව්වම මම, පිස්සු කෙළින්න එපා කියල බැනල එලෙව්ව දවස් කීපයක්.
ෂේප් එකේ , ආසයි මම පොලිටික්ස්වලට කියල මාව නවාගත්තා. අන්තිමේදී මම මධුරයා දිනවන්න ගෙයින් ගෙටත් ගියා. නගර සභා ඡන්දෙන් නියෝජ්‍ය නගරාධිපති උනා. ඊට පස්සේ නගරාධිපති උනා. අද පාර්ලිමේන්තු මන්ත්‍රී !!!
දූෂණය, වංචාව, මැරකම, තක්කඩිකම් නැති ඔළුව කුරුවල් කරගන්නේ නැතිව අවුරුදු 8 ක් දේශපාලනය කරල , අපි විශ්වවිද්‍යාලයෙන් පටන් ගත්ත දේශපාලන කඳවුරේ මතවාදය එක දිගටම රැකගෙන, මටත් ආඩම්බර වෙන්න පුළුවන් වැඩක් කරපු මධුර (මල්ලී)වෙන කාටද ආඩම්බර?
