Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පාඨලීගේ රියදුරුටත් සුදත් අස්මඩලටත් අධිචෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින්නේ ඔවුන් දෙදෙනාය. සුදත් අස්මඩල මහතා එම අනතුර සිදුවූ සමයේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාර දීම සිදුවුණු අතර ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාම රුපියල් 10,000ක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

Giraya News Alerts

මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (20) දින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන හෙයින් ඒ මහතාට ලබන 28 වන දා අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් ඊයේ (19) අවසර ලබා දී තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top