අලූත්ගම පොලිසිය තුළදී පොලිස් සැරයන්වරයකුගේ අත්වැරදීමකින් ක්‍රියාත්මක වූ පිස්තෝලයකින් වෙඩි වැදුණු යුද හමුදා සෙබළෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි .
වරෙන්තුවක්, සඳහා අත්අඩංගුවට ගත් හමුදා සෙබළාගේ පියා බැලීම සඳහා ඔහු පැමිණි අවස්ථාවේදී මෙම හදිසි අනතුර සිදු වී ඇත. රාජකාරීය සඳහා පිටත්ව යාමට සැරෙසෙමින් පොලිස් සැරයන්වරයා පිස්තෝලය පරීක්ෂා කරන අවස්ථාවේදී අත්වැරදීමකින් එය ක්‍රියාත්මක වී ඇති අතර අසළ සිටි යුද හමුදා සෙබළාගේ අතකට වෙඩි වැදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
