Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 730ක් දිවයිනට

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකීකයින් 730 දෙනෙක් එම රටවල සිට අද (20) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව, දෝහා කටාර් සිට පුද්ගලයින් 20ක්, කුවේට් සිට පුද්ගලයින් 160ක්, චෙන්නායි සිට පුද්ගලයින් 290ක් හා ඩුබායි සිට පුද්ගලයින් 260 දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය.

මේ අතර අද දිනයේ දී තවත් පුද්ගලයින් 8 දෙනෙක් අබුඩාබිහි සිට මෙරටට පැමිණීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Giraya News Alerts

එමෙන්ම, අද (20) දිනය තුළ නිරෝධායනය අවසන් කර පුද්ගලයින් සිව් දෙනෙක් නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද වන විට පුද්ගලයින් 31,134ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක පුද්ගලයින් 5,944ක් නිරෝධායනය වෙමින් සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top