පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ද, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ තීරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත. මීට අමතරව, නියෝජ්‍ය කාරක සභාවේ සභාපති ධූරයට අංගජන් රාමනාදන් මහතා පත්කිරීමට ද එහිදී ආණ්ඩු පක්ෂය තීරණය කළේය.
මේ අතර, පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත්කිරීමට තීරණය කර ඇත.
