Advertise with Giraya
NEWS

20 ගෙන ඒමට කැබිනට් අනුමැතිය

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසුව අද (19) පෙරවරුවේ පැවති පළමු කැබිනට් රැස්වීමේ දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථාන සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

යහපාලන රජය ඔවුන්ගේ පළමු ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කළ 19 වැනි සංශෝධනය එම ආණ්ඩුවේ පළමු මාස 6 තුළ ම සම්මත කළ අතර පසුව ඒ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ පාර්ශවයන් අතරම මතභේදයන් හට ගත්තේ ය. 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එයට එරෙහි වූයේ එක් මන්ත්‍රීවරයෙක් පමණක් වන අතර ඒ වත්මන් රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රියාර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර පමණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වරක් චෝදනා කර සිටියේ එම රටට සාපයක් බවයි. එසේම රට නැවත ගොඩ ගැනීමට නම් පළමුවෙන්ම 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බව ඔහු සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top