Advertise with Giraya
NEWS

රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (19) දිනයේ දී ද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය. එම අවස්ථාවේ දී අද (19) පෙරවරුවේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපත ගෝඨාභය රාජපක්ෂ මහතා රැකියා විරහිත උපාධිධාරින් හමු විය.

එහිදී, අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සඳහා තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය අද (19) දිනයේ දී හිමි ව ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “ අපි හැමෝටම දෙනවා. කට්ටියට කියන්න. අදත් කැබිනට් එකේ තවත් 10,000කට රැකියා දෙනවා. ගෙවල්වලට යන්න අව්වේ වේලෙන්නේ නැතිව“ යනුවෙන් පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top