ගත වු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව වන මරණ 1092ක් වූ ප්‍රමාණය අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇත.
ඒ අනුව, ලොව දෛනිකව වැඩිම ආසාදිතයින් වාර්තා වන රට බවට මේ වන විට ඉන්දියාව පත්ව ඇති අතර ගත වූ පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 64,531 ක් වේ. එසේම, ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,767,273 ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 53,014 ක් ලෙසය.
මීට අමතරව, විද්‍යාඥයන්ගේ අවසරය ලද විගස ‘කොවිඩ්-19’ එන්නත මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේදී ප්‍රකාශ කළේය.
සෑම පුරවැසියකුටම හැකි ඉක්මනින් එම එන්නත ලබාදීම සඳහා මෙන්ම ඉන්දියාවේ සෑම පුරවැසියකුටම සෞඛ්‍ය හැඳුනුම්පතක් ලබාදීම සඳහා ජාතික වැඩසටහනක් ආරම්භ කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් 17 වැනි සියවසට අයත් නවදිල්ලියේ රතු බළකොටුවේ දී ජාතිය අමතමින් ය.
‘එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, ඉන්දියාව තුළ කොරෝනා වෛරස එන්නත් තුනක් පරීක්ෂාවට ලක්වෙමින් තිබෙනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
‘‘විද්‍යාඥයන්ගේ අවසරය ලැබුණු විගස අපි මහ පරිමාණයෙන් එන්නත් නිෂ්පාදනය ආරම්භ කරනවා. ඒ වගේම සෑම ඉන්දීය ජාතිකයකුටම අඩුම කාලයක් තුළ එන්නත් ලබාදීම සඳහා සැලැස්මක් ද සකස් කරනවා’’ හෙතෙම කීය.
