Advertise with Giraya
NEWS

සති තුනක් තුළ කහ කිලෝ 8000කට වැඩි තොගයක් නාවික හමුදාවෙන් සොයා ගනියි

මන්නාරම සහ නොරෝච්චෝලේ වෙරළ තීරයන්හී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියළි කහ තොගයක් නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නොරොච්චෝලේ දලුව වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී ඩිංගි යාත්‍රා දෙකක් තුළ සඟවා ගෝනි මලු 14ක් තුළ අසුරන ලද වියළි කහ කිලෝ 700කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස සොයා ගෙන තිබේ. ඒ සමඟ, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 58ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

මේ අතර, මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක දී වෙරළට ගොඩගසා තිබූ සැක සහිත ගෝනි මලු දෙකක් පරීක්‍ෂා කිරීමේ දී එහි තිබී තෙත බර සහිත කහ කැබලි කිලෝග්‍රෑම් 107 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඒ අනුව, පසුගිය සති තුනක කාලය තුළ අවස්ථා කිහිපයක දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 8245 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top