Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සිංහරාජය මැදින් ඉදිවන මාර්ගය පරිසරයට හානි සිදුවන අයුරින් සිදු නොකරන බව මහාමාර්ග අමාත්‍යාංශය කියයි

සිංහරාජ වනාන්තරය හා එහි ප්‍රේරණ කලාපය දෙකඩ කරමින් නෙළුව -ලංකාගම මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ පලවන වාර්තා සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශය මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිසරයට හානි සිදු වන පරිදි මෙම මාර්ගය තැනීම සිදු නොකරන ලෙස වන ජීවි හා වන සම්පත් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, මෙම මාර්ගයේ අධි සංවේදි කලාපය තුළ පිහිටි කි.මි. 1.1 කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදු කොට නොමැති බවත් එවැනි කටයුත්තක් ඉදිරියේ දී හෝ සිදු නොකරන බවත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

ගාල්ල, නෙළුව සිට ලංකාගම දක්වා වන කි.මී.18ක පමණ දිගින් යුත් ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ගම්වාසීන් විසින් කරන ලද ඉල්ලීම පරිදි මෙම මාර්ගය සංවර්ධනයට කටයුතු කර ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

Giraya News Alerts

එම නිවේදනය පහතින් දැක්වේ.

කෙසේවෙතත්, මෙම මාර්ගය ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ, සිංහරාජයේ කුඩව ප‍්‍රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකා බවත් කිලෝමීටර් දෙකක් දුර පාරක් ඉදිකර ඇතැයි ද අති සංවේදී පරිසර පද්ධතියක් මැදින් මෙම පාර ඉදිකර ඇත්තේ කිසිදු සංරක්ෂණ ක‍්‍රියාවලියක් ගැන නොසිතා ඩෝසර් පමණක් යොදාගෙන වන බවත් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකඳවල රාහුල හිමියෝ විමසා සිට ඇති බව 2019 වසරේ ජනවාරි 08 දින “ලංකාදීප” පුවත්පතේ වාර්තා කර තිබෙනවා.

එසේම, මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ ලෝක බැංකුවේ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘතිය විසින් යැයි ද, ලෝක උරුමයක් වන වනාන්තරයක් විනාශ කිරීමෙන් දේශගුණ විපර්යාස අවම කරන්නේ කෙසේ ද යන්න ලෝක බැංකුවෙන් විමසා සිටිය යුතු යැයි ද පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකඳවල රාහුල හිමියෝ විමසා සිට ඇති බව එම පුවත්පතේ වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

එසේම මෙම මාර්ග පද්ධතියෙන් සිංහරාජයට වන හානිය පිළිබඳව, සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද යුනෙස්කෝ සංවිධානයට පැමිණිලි කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අදාළ සියලූ අංශ වෙත දන්වා යැවු බවත් රාහුල හිමියෝ පවසා සිටි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

එසේම අදාළ ව්‍යපෘතිය 2011 වසරේ සිට 2030 වසර දක්වා වූ ජාතික භෞතික සැලැස්ම අනුව සිංහරාජය දෙකඩ කරමින් ඉදිවන මාර්ගයක් බව තම සංවිධානය 2013 දී පෙන්වා දුන් බව ද උන්වන්සේ පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ‘වැසි වනාන්තර සුරකින්නෝ’ නම් සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමත් සමග යළිත් සමාජයේ දැඩි විරෝධයක් එම මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top