Advertise with Giraya
NEWS

අත්අඩංගුවට පත් දෙදෙනා ස්ථීර සේවකයින් නොවේ – රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව

පසුගියදා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ සේවකයින් දෙදෙනා එම දෙපාර්තුමේන්තුවේ ස්ථීර සේවකයින් නොවන බව වාර්තා වේ.

එමෙන්ම, එම දෙපාර්තමේන්තුවේ සේවකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

මේ හේතුවෙන් අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර මේ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමට ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Giraya News Alerts

එම දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ගබඩා කර ඇති ස්ථාන ඉහළ සුරක්ෂිතභාවයකින් යුක්ත වන බැවින් ඊට ඇතුළු වීමට කිසිවෙකුට අවස්ථාව හිමි නොවන බව වාර්තා විය. එවැනි තත්ත්වයක් තුළදි අදාළ පුද්ගලයින්ට කුමන ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලැබුණේ ද, ඔවුන් පිටත මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ අය ද යන්න පිළිබඳ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ අනුව, අදාළ සිද්ධි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top