Advertise with Giraya
NEWS

ජනවාරි සිට ජුලි දක්වා වාර්තා වූ ළමා අපචාර හා හිංසා නඩු 12,968කට නීතිපති උපදෙස් ලබා දී අවසන්

පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ළමා අපචාර හා හිංසා නඩු 12,968ක් අවසන් කර අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දී තිබේ.

2019 ජනවාරි මස සිට 2020 ජුලි මාසය දක්වා කාලය තුළ මෙම නඩු ඉදිරිපත් ව ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එයින් සැකකරුවන් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට නඩු 6,149ක් යොමු කර තිබේ. එසේම, සැකකරුවන් 4,372 දෙනෙක් මේ වනවිට නිදහස් කර ඇතැයි ද පැවසු අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය, පොලීසියට මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම සඳහා නඩු 2,447කට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද සඳහන් කළාය.

Giraya News Alerts

නීතිපති දෙපාර්තමේන්තු වේ ළමා අපචාර අංශයේ මේ වන විට නඩු 851ක් පිළිබඳ විභාග කෙරෙමින් පවතින බව ද ඇය පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top