සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “අංගොඩ ලොක්කා” ඉන්දියාවේ දී මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ඉන්දීය පොලිසියේ නිලධාරීන් පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
නිලධාරීන් සිව් දෙනෙකු හට ඊයේ (17) දිනය වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් විමර්ශන කණ්ඩායමට අයත් තවත් නිලධාරීන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යංශයට අයත් උප්පිලිපාලයම් කාර්යාලය විෂබීජහරණයට ලක්කිරීම සඳහා වසා දැමීමට ද සිදුව ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය තුළ “අංගොඩ ලොක්කා” සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සහ ඊට අදාළ නඩු විභාගයේ කටයුතු ද ප්‍රමාද වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් “අංගොඩ ලොක්කා“ගේ පෙම්වතිය ඇතුළු තිදෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
