Advertise with Giraya
NEWS

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ අක්‍රිය වීමක් සිදුව ඇති බව වාර්තා වේ. ඊයේ (17) දිනයේදී දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග මෙම තත්ත්වය උදාවූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කරයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් නොවීම නිසා එම ස්වයංක්‍රීය සිසිල් පද්ධතිය තුල ඇතිවූ යම් තාක්ෂණික ගැටළු හේතුවෙන් එම බලාගාරයේ විදුලි උත්පාදනය කිරීම නැවතී තිබෙනවා. නොරොච්චෝල ලක් විජය විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන මෙගාවෝට් 810ක ප්‍රමාණයක් මේ හේතුවෙන් අහිමිව ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ඇතැම් විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට හදිසි විදුලි සැපයීමේ බාධා එල්ල සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. දැනට අක්‍රියවී ඇති නොරොච්චෝල විදුලි බලාගාරය යළි සක්‍රිය තත්ත්වයට ගෙන ඒමට දින කිහිපයක් ගත වනු ඇති බව ද විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග වාර්තා කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top