Advertise with Giraya
NEWS

වැවන්ඩන් වතු යායේ තිබූ තොන්ඩමන්ගේ නිවස ගින්නකින් විනාශයි

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත්ව තිබූ, කොත්මලේ පොලිස් වසමේ, වැවන්ඩන් තේ වතුයායේ පිහිටි නිවස අද (18) අලුයම හටගත් ගින්නකින් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ගින්න ඇති වන අවස්ථාවේ එහි කිසිවෙක් නොසිට ඇති අතර නුවරඑළිය නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය පැමිණ පැය 03 කට පමණ පසුව ගින්න නිවා දමා ඇත.

ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top