ශ්‍රි ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව 2900ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එමෙන්ම, ඊයේ (17) දිනයේ දී ද වෛරසය ආසාදිතවූවන් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.
එම ආසාදිතයින් 7 දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඕමානයේ සිට ද, පස් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ පුද්ගලයින් වේ.
එමෙන්ම, ඊයේ (17) දිනයේ දී ආසාදිතයින් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2676 දෙනෙකු සුවය ලබා ඇත.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 213ක් වේ. තවත් පුද්ගලයින් 65 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 11කි.
