Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රුපියල් 5000 හොර නෝට්ටු මිටි 128ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු කොටු වෙයි

මුදල් නෝට්ටු ලෙස පෙනී යන පරිදි ව්‍යාජ ලෙස සකස් කළ නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) දහවල් මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

රුපියල් පන්දහසේ නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කළ බන්ඩල් 128ක් බෑගයක් තුළ අසුරා ප්‍රවාහනය කරමින් තිබී ඇත. සැකකරුවන් ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ගමන් කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

Giraya News Alerts

සැකකරුවන් අද (18) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top