විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද (18) පෙර වරුවේ රැස් වේ.
කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ (17) දිනයේ දී සිදු වු විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඊයේ (17) පත් කෙරුණි. කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදෙන ලෙස නියම කළ බව කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඊයේ (17) රාත්‍රී 10.00 පමණ වන විට දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ බවය.
සම්බන්ධිත පුවත්
