රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් හෙරොයින් සමග අතුරුගිරියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සතුව තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 15ක් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25ක් ද, පොලිස් බාරයට ගෙන ඇත. ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදියද, පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර ඊයේ (16) පස්වරුවේ ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු රසායනාගාරයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් හෙරොයින් සමග අතුරුගිරියේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් තිබූ බව පොලීසිය පැවසීය.
සම්බන්ධිත පුවත්
