ලබන බ්‍රහස්පතින්දා (20) පැවැත්වෙන 09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ සිට සියළු මන්ත්රවරුන්ට සෞඛ්‍ය රීති මාලාවක් පැනවීමට තීරණය කර තිබෙනවා.
මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන සියලූ මන්ත්‍රීවරුන් මුඛ ආවරණය අනිවාර්යෙන්ම පැළඳිය යුතු අතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගමන් කිරීමේදී අනිවාර්යයෙන්ම මීටරයක පරතරය තබාගත යුතු බව වේ. එමෙන්ම මන්තී‍්‍රවරුන්ට ඒකරාශි වී සාකච්ඡා කිරීමට හෝ සතුටු සාමීචියේ නිරතවීමට මෙවර පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් නොලැබෙන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඉතිහාසයේ පළමුවරට මෙවර පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් ලියාපදිංචි කිරීම සිදුකළේ ද ඔන්ලයින් ක්‍රමයට වන අතර ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රිවරුන්ගෙන් 223 දෙනෙකුම මේ වනවිටත් ලියාපදිංචි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා පත්කෙරෙන සභිකයින් දෙදෙනා පමණක් මෙතෙක් නම් කර නැහැ. ඒ, එම පක්ෂ 02 තුළ මතුව ඇති අභ්‍යන්තර ගැටලූ කීපයක් මුල් කරගනිමින් ය.
එමෙන්ම, පාර්ලිමේන්තු වැඩකටයුතු සඳහා ඔන්ලයින් ක්‍රමය වඩාත් පහසු බැවින් මින් ඉදිරියට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ලිපි ලේඛන ද ඔන්ලයින් ක්‍රමයට ලබාදීමට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.
09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන බ්‍රහස්පතින්දා පෙරවරුවේ ආරම්භ වන අතර එහිදී සිදුවන කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා සහකාර මහලේකම්, ටිකිරි කේ ජයතිලක පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරයේ පළවෙනිම කාරණය කථානායකතුමා තෝරා ගැනීම බවයි. ඉන් පසුව මන්ත්‍රිවරුන් දිවුරුම්දීම සිදු කෙරෙනු ඇති බවයි.
පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළිි කිරීමක් සිදු කෙරුණා. ඒ අනුව පළමු දවසේදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රිවරුන්ට ඕනෑම ස්ථානයක නිදහසේ අසුන් ගැනීමේ හැකියාව ලැබෙන බවත් පසුව කතානායකවරයා විසින් අදාළ සියලු මන්ත්‍රිවරුන්ට නියමිත ආසනයක් වෙන් කර දෙනු ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සම්බන්ධයෙන් බොහෝදුරට අද (17) දිනයේදී තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
