Advertise with Giraya
NEWS

නව රජයේ පළමු කැබිනට් රැස්වීම මේ සතියේ දී

නව රජයේ පළමු කැබිනට් රැස්වීම එළඹෙන බදාදා උදෑසන 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

කැබිනට් රැස්විම සෞඛ්‍ය නිරෝධායන නිති රීතිවලට මුල්තැන් දෙමින් පැවැත්වීමට ද තීරණය කර තිබේ. ඒ අනුව, අමාත්‍යවරුන් අතර මීටරයක දුර පවත්වා ගැනීම මුඛ ආවරණ පැළදීම සහ දෑත් වීෂබීජහරණය කිරීමද මෙහි දී අනිවාර්යය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

පසුගිය දා පැවති මහා මැතිවරණයෙන් මෙවර අමාත්‍ය මණ්ඩලය සඳහා කැබිනට් අමාත්‍යවරු 25 දෙනෙකු තෝරා පත්කර ගැනුණු අතර ඔවුන් පසුගිය 12 වනදා මහනුවර මඟුල් මඩුවේ දී දිවුරුම් දෙනු ලැබීය.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ද පත් කෙරෙනු අතර ඔවුන් ද එදින දිවුරුම් දුන්නේය. මෙවර කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාව රාජ්‍ය අමාත්‍යවරුන්ට හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් පත්‍රිකාවක් යොමුකරන අවස්ථාවක දී අදාළ රාජ්‍ය අමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය නියෝජනය කිරිමේ හැකියාව පවතින බව සඳහන් වේ.

මේ අතර මෙම වසර සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ අය වැය ලේඛනයක් ද එසේත් නැතිනම් අතුරු සම්මත ගිණුමක් ද යන්න සම්බන්ධයෙන් වන තිරණය මෙවර කැබිනට් මණ්ඩලයේ දී ගනු ලබන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top