සමාජය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය සංසරණයවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමින් රටපුරා සිදුකරන මෙහෙයුම් මෙම තත්ත්වයට හේතුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ හේතුවෙන් විකල්ප මත්ද්‍රව්‍ය රටට ගෙන එම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ඊයේ (15) සොයා ගැණුනු ‘මැන්ඩි’ නමැති රසායනික මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ රාතී‍්‍ර සමාජ ශාලා සහ ෆේස්බුක් හරහා සංවිධාන කරන සාද සදහා අළෙවි කිරීමට බව පොලීසිය පවසනවා. කිලෝ 12ක බරකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටින් මේ දක්වා හමුවූ විශාලතම ප්‍රමාණය බවයි ඔහු පැවසුවේ.
මේ අතර බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාල 550 කට අධික ප්‍රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. එමෙන්ම කැලණිය කොට්ඨාසය මගින් ඊයේ (15) අත්අඩංගුවට ගත් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුගේ බැංකු ගිණුම්වල මාස දෙකක් තුළ කෝටි හත හමාරක මුදලක් සංසරණය වී ඇතැයි ද ඔහු කියාසිටියා.
