Advertise with Giraya
NEWS

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33ක් හඳුනා ගැනේ

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33 කට ආසන්න පිරිසක් හදුනා ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉන් වැඩිම පිරිසක් සිටින්නේ කොළඹ බන්ධනාගාර ආශි‍්‍රතව වන අතර එම පිරිස 15 ක් පමණ වේ.

වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාරවල එම නිලධාරීන් රාජකාරී සිදුකරන බවත් ඔවුන් රැදවියන් සමග සබදතා පැවැත්වීම සහ නව බන්ධනාගාර පරිපාලනයට සහය නොදැක්වීම යන චෝදනාවලට අයත් අය බවට හදුනා ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් දූෂිත නිලධාරීන් 8 දෙනෙකු හදුනා ගෙන ඇත්තේ මීගමුව බන්ධනාගාරයෙන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර බූස්ස බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුද නීතිවිරෝධි කටයුතුවල නිරත වන බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් සියළු දෙනා වසර 10 කට අධික කාලයක් එම බන්ධනාගාරයේම සේවය කරන පිරිසක් ය.

හඳුනාගෙන ඇති මෙම සියළු නිලධාරීන් කඩිනමින් එම බන්ධනාගාරවලින් ස්ථාන මාරු කර පරීක්‍ෂණ ආරම්භ කරන බව බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top