9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධූරය භාරගැනීමට තමාගේ අකමැත්තක් නැති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කෙසේවෙතත් සෙසු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත තමන්ට එම තනතුර ලැබේද? නොලැබේද? යන්න තීරණය වනු ඇති බවත් ඒ ඔහු පැවසීය. එමෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද කථානායක ධූරය ඉල්ලා තිබුනේ ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් ඔහු සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූති කිරිමට වැලිගම පැනෑටියන ප්‍රදේශයේ ජන හමුවක් අද (15) සංවිධාන කර තිබුණි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
