Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ජනපති අමාත්‍යාංශවලින් ඉදිරි ව්‍යාපාරික සැලසුම් ඉල්ලයි

අමාත්‍යාංශවල ඉදිරි ව්‍යාපාරික සැලසුම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍යවරුන්ට දන්වා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ‍්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය. එමෙන්ම, සෞඛ්‍ය අංශවල අනුමැතිය ලද විගස කඩිනමින් ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සදහන් කළා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමුණා. කෙසේවෙතත්, විදෙස් රටවල සිරවී සිිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු තවදුරටත් සිදු වනවා.

Giraya News Alerts

ඒ අනුව, අද උදෑසන 07.30 ට පමණ ලෙබනන් බේරූට් හි සිට යූ.එල්. 1506 දරන විශේෂ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 245 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
මීට අමතරව, අබුඩාබි, දෝහා කටාර් හි සිට ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු කටාර් සහ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් දිවයිනට පැමිණ ඇති බව සදහන් වනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1042 දරන ගුවන් යානයෙන් ශ්‍රීලාංකිකයින් 13 දෙනෙකු අද (15) අළුයම මුම්බායි හි සිට දිවයිනට පැමිණ ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top