Advertise with Giraya
NEWS

තවත් ආසාදිතයින් 8කට සුවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (15) දින පෙරවරු 10.00 වන විට 2886ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ගත වූ පැය 24 තුළ දී ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වි ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු ජපානයේ සිට ද, අනෙක් තිදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

ඒ අනුව, අද (15) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 2886 දෙනා අතරින්,

Giraya News Alerts
  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 33
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 960
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 630
  • වෙනත් – 313

එමෙන්ම, අද (15) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2666 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 209ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2882ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 92.2%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (14) දිනයේ දී එය 7.3%ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.38%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 185,188ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2909ක් වූ ප්‍රමාණය අගෝස්තු 11 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (14) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2437ක් වේ.

මේ මාසයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන සහ සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (15) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 209 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 15ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 61ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 00 ක් ද,
  • ඉරණවිල රෝහලේ 12ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 19ක් ද,
  • යුද හමුදා රෝහල (පනාගොඩ) 00 ක් ද,
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 102 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 33 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top