නවගත්තෙගම මහ මැද්දාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුව යාන්ත්‍රික කියතකින් කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවකු නවගත්තෙගම පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම මොරගහවැව පදිංචි අයකු වන අතර පොලීසිය සදහන් කළේ, අදාළ සැකකරු යුද හමුදාවෙන් පළා විත් ජනතාවට පීඩාකාරී ලෙස ප්‍රදේශයේ සැරිසරමින් විවිධ අපරාධ සිදුකරන බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවයි.එමෙන්ම, 29 හැවිරිදි මොහු අකුලා යන අන්වර්ත නාමයෙන් ද හදුන්වන බවත් සදහන් ය.
පොලිසිය පවසන්නේ, කලක් පටන් පැවති පෞද්ගලික ආරවුලක් මෙම සිද්ධියට මුල් වි ඇති බවයි. යාන්ත්‍රික කියතකින් කැපුම් තුවාල සිදුවූ අය මෙම සැකකරු සමග සවස ගැටුමක් ඇති කරගෙන ඇති බවත් ඉන්පසුව සැකකරු නිවසෙ තිබු යාන්ත්‍රික කියත පණ ගන්වා ඉන්පසුව තුවාල ලැබූ පිරිස පසුපස හඹායමින් කපා ඇති බව පොලීසිය සඳහන් කරයි.
බරපතල තුවාල ලැබු දෙදෙනාගෙන් අයකු ගල්ගමුව රෝහලටත්, අනෙක් තැනැත්තා පුත්තලම මූලික රෝහලටත් ප්‍රතිකාර සඳහා යවා ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධියට සම්බන්ධ සැකකරු යාන්ත්‍රික කියතත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
