ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන නිවාස සංකීර්ණයේ ඊයේ (14) පොලිස් නිලධාරින් 518ක් යොදා ගනිමින් සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
එම සෝදිසි මෙහෙයුමේදී නිවාස 870ක් පරික්ෂා කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 39ක්, ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පෙති 07ක් සොයා ගෙන ඇත.
