Advertise with Giraya
POLITICS

මෛත්‍රී බලා සිටින අග්‍ර ඵලය !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොලැබීම පිළිබඳව විවිධ මත පළ වන අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ෆේස් බුක් ගිණුමෙහි ‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙන් සටහනක් තබා ඇත.

මේ අතර, හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද ඊයේ (14) දිනයේ දි විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බවයි. එමෙන්ම, අලුත් නායකත්වයක් යටතේ පක්ෂයේ ඉදිරි කටයුුතු සිදු කර ගෙන යන බවත් ඇය එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙවන් පසු බිමක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය හැකි තනතුරු පිළිබඳව විවිධ පාර්ශවයන් අදහස් පළ කර තිබෙනවා. එහිදී නව ආණ්ඩුව නියෝජනය කරන පාර්ශව කිහිපයක් ම පවසන්නේ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේ දී නියෝජ්‍ය අගමැති නමින් තනතුරක් නිර්මාණය කර මෛත්‍රීපාල සිරිසේන හට ලබා දීමට නව ආණ්ඩුවේ කිසිදු අභිප්‍රායක් නොමැති බවයි. ව්‍යවස්ථාවට පිටින් නව තනතුරු නිර්මාණය කිරීමේ අදහසක් නව ආණ්ඩුවට නොමැති බවට ඔවුන් එහිදී අවධාරණය කරයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය ධූරයක් හෝ තනතුරක් ලබා නොදුන්නේ මේ වනවිට සිදුකෙරෙන පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශන හේතුවෙන් බව ද තොරතුරු වාර්තා වේ. ඒ හේතුවෙන්, අදාළ වාර්තාව පැමිණෙන තෙක් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට කිසිදු තනතුරක් හෝ වගකීමක් නොදෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, පසුගියදා (13) දිනයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ආණ්ඩුවේ යම් තනතුරක් ලැබීම සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහනින් ඉඟියක් ලබා දෙන බව බොහෝ දෙනාගේ අදහසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top