විවිධ චෝදනා යටතේ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
පසුගිය ජුනි 10 වැනිදා සිට මේ දක්වා කාලය තුළ බන්ධනාගාර ගණනාවකට අයත් නිලධාරින් දූෂිත ක්රියාවන්හි යෙදීම ඇතුළු විවිධ විනය විරෝධී චෝදනා යටතේ මෙසේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (14) පැවසීය.
එමෙන්ම, මේ වනවිට බන්ධනාගාර නිලධාරින් 21 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් 10 දෙනෙකු, මීගමුව බන්ධනාගාරයේ 9 දෙනෙකු මෙන්ම දුම්බර සහ වාරියපොල බන්ධනාගාරවල නිලධාරීන් දෙදෙනෙකුට මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් විසින් ලබා දී තිබූ තොරතුරු මත මෙම ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
