Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බූස්සේ ජේලර්ගේ මඟුලට වෙලේ සුදාගෙන් ලැබුණ තෑග්ග !

මරණීය දඬුවම ලැබ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නමැත්තා එම බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා විස්කි බෝතල් සියයක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි වෙලේ සුදා මීට මාස කිහිපයකට ඉහත දී බූස්ස බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කර යවා තිබුණු අතර එසේ ස්ථාන මාරුකර යවන ලද මුල් කාලයේදී මෙකී සිද්ධිය සිදුව ඇති බව ද දැනගැනීමට තිබේ.

මෙවැනි සිද්ධියක් පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශය හා එම බන්ධනාගාරයට අනුයුක්ත කර තිබෙන පොලිස් විශේෂ කාර්ය බළකාය පැති කිහිපයක් ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top