උපාධිධාරීන් පනස් දහසක් සහ අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ, උපාධිධාරී පත්වීම්ලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු දිනය සංශෝධනය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සංශෝධිත එම නිවේදනයේ සඳහන් වන පරිදි, තෝරා ගනු ලැබූ උපාධිධාරී පත්වීම්ලාභීන්ට ලිපි යැවීම 17 වන සඳුදා ආරම්භ වන අතර ඔවුන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.
මහ මැතිවරණය හේතුවෙන් නතර කෙරුණු එක් ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ අනුව, රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
තෝරාගත් අඩුආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම සඳහා ස්ථාපිත කාර්ය සාධන බලකාය විසින් එම කාර්යය සැප්තැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
සම්බන්ධිත පුවත්
