කැබිනට් අමාත්‍යාංශ තුනක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත් වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (13) පස්වරුවේදි ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
එහිදී, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරය සඳහා එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා ද, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් ධූරය සඳහා යූ.ඩී.සී.ජයලාල් මහතා ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරය සඳහා මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ද පත් කර ඇත.
