Advertise with Giraya
Gossip

කොඩියේ ගැටුමෙන් හෙළිවන පාතාල ක්‍රියාකාරීන්

2020 මහමැතිවරණ සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමින් වහන්සේ මෙන්ම බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළුව භික්ෂුන් වහසේලා ප්‍රමුඛ කොටගත් ජාතික ව්‍යාපාරය ඉදිරිපත්වූයේ අපේ ජනබල පක්ෂය නම් පක්ෂයකිනි.

සමන් පෙරේරා නැමැත්තෙකුට අයත් එකී පක්ෂය සමග ඇතිකරගත් ගිවිසුමක් මත ඔවුන් එම පක්ෂය හරහා ඉදිරිපත් වූ අතර එහිදී එම පක්ෂයේ වැඩබලන ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ පුජ්‍ය වෙදිනිගම විමලතිස්ස හිමියන් ය.

මෙහිදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා බාර දී මැතිවරණයට තරඟ කළහ. එහෙත් සමස්ථ මැතිවරණ ව්‍යාපාරය ඔවුන් ගෙන ගියේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට වැඩම කරවීම සඳහා ඡන්දය ආයාචනය කරමිනි.

Giraya News Alerts

කෙසේ වෙතත් දිස්ත්‍රික් මට්ටමකින් කිසිඳු මන්ත්‍රී ආසනයක් දිනාගැනීමට නොහැකි වුවද සමස්ත දිවයිනේ ඡන්ද ප්‍රතිඵලය අනුව ඡන්ද 67,758ක් ලබා ගැනීමට අපේ ජනබල පක්ෂය සමත් විය. ඒ අනුව ඒ සඳහා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූරයක් හිමි වූ අතර අර්බුධය ආරම්භ වූයේ එතැන් සිටයි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත අදාළ මන්ත්‍රීධූරය සඳහා පක්ෂයේ මහලේකම් ලෙස අත්සන් කළ දෙදෙනෙකු විසින් ලිපි දෙකක් යොමු කර තිබූ අතර පළමු ලිපියෙන් වැඩබලන මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් තමන්වහන්සේවම නම් කරමින් ලිපියක් යොමු කර තිබෙනවා. පසුව පක්ෂයේ සභාපති වන සමන් පෙරේරා විසින් වෙනත් අයෙකු ලේකම් ලෙස පත් කර ඇති අතර ඔහු විසින් සමන් පෙරේරා අදාළ මන්ත්‍රීධූරයට යෝජනා කර තිබෙනවා. ඒ තත්වය තුළ නීතිමය උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව පක්ෂය වෙත ලිඛිතව දන්වා තිබුණා.

මේ තත්වය තුළ අපේ ජනබල පක්ෂයේ රතන හිමියන් සහ ඥානසාර හිමියන් විසින් වෙන වෙනම කැඳවූ මාධ්‍ය හමු දෙකක දී විශේෂ අනාවරණයක් සිදු කරමින් කියා සිටියේ වේදිනිගම හිමියන්ට සහ පක්ෂයේ සභාපති සමන් පෙරේරා නැමැත්තාට චෝදනා ඇති බවයි.

මෙහිදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ පක්ෂයේ සභාපති වන සමන් පෙරේරා නැමැත්තා පාතාල ක්‍රියාකාරකම් සහ මිනීමැරුම්වලට සම්බන්ධ බව කියන අයෙකු බවයි. ඔහු ද තමන්වම මන්ත්‍රීධූරය සඳහා නම් කරගෙන ඇති බව උන්වහන්සේ සඳහන් කළා.

එසේම ඥානසාර හිමියන් කියා සිටියේ නිදන් චෝදනා හා අස්ගිරි සංඝ සභාවෙන් එල්ල වී ඇති ගැටළු සම්බන්ධයෙන් වේදිනිගම හිමියන් වෙත චෝදනා එල්ල වී ඇති බවයි.

එම ප්‍රකාශය පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියන් මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියේ “මමත් නොවන රතන හාමුදුරුවොත් නොවන කෙනක් “මන්ත්‍රී ධුරයේ දිවිරුම් දීමට ක්‍රියාවලියක් පවතින බවත් එය ප්‍රංශයේ සිට මෙහෙයවන බවත් ය.

මේ අතර රතන හිමියන් කියා සිටියේ මන්ත්‍රී ධුරය ලබා ගැනීම සදහා අදාළ පුද්ගලයා අනිවාර්යෙන්ම පන්සිල් රකින පුද්ගලයෙක් විය යුතු බවයි.

අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඔහු විසින්ම තමන්ගේ නම නම් කර ගැනීම වැරදි බවත් ඔහුට ඒ සඳහා කිසිඳු අයිතියක් නැති බවත් උන්වහන්සේ සඳහන් කළා.

රතන හිමියන් කළ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමේ දී සමාජ ජාල තුළ සටහන් වී තිබූ තොරතුරු රැසක් හමුවූ අතර ඒවා පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top