Advertise with Giraya
POLITICS

තුණුරුවන්ගේ බලය තරම් වෙන කිසිවක් නැහැ – පවිත්‍රා වන්නිආරච්චි

තමන්ට ඇති එකම සරණ තුණුරුවනේ සරණ බවත් තමන්ගේ ජයග්‍රහණයේ රහස එය බවත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, මහ සමන් දේවාලයේ ආගමික වතාවත්වලට එක් වීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිසට තම අදහස් පළ කරමින් ය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය “විශේෂයෙන්ම මම මුළින්ම සඳහන් කරන්න ඕනේ, මහා සංඝරත්නයේ ආශිර්වාදය තරම් ආශිර්වාදයක් අපේ ජීවිතයට, තුණුරුවන්ගේ ආශිර්වාදය තරම් ආශිර්වාදයක්, අපට වෙන දෙයක් නැහැ.

අපේ හාමුදුරුවනේ, විශ්වාස කරයි ද දන්නේ නැහැ. මම හැමදාම ඡන්ද කැම්පේන් ගිහින් එනකොට මහ රෑ දෙක, තුන පහු වුනා. ඊට පස්සේ හැමදාම මං පැය බාගයක් බණ ඇහුවා හාමුදුරුවනේ, යූ ටිියුබ් එකේ. මට සහනය ලැබෙන්නේ එතන විතරයි. ඒක නිසා මං පැය බාගයක් විතර බණ අහලා, මහත්තයා සමහර වෙලාවට මට කෑ ගහනවා. නිදියගන්න විදියක් නෑ කියලා. නමුත්, මට තියෙන සරණ එච්චරයි.

Giraya News Alerts

මේ තනතුරු, ඕනේ වෙලාවක ලැබුණත් එකයි. නැතත් එකයි කියලා. ඒවට කිසිම ඇලීමක් නැතිව ජීවත් වෙන කෙනෙක් හාමුදුරුවනේ මං.

ඉතින් මේ වෙලාවේ, විශේෂයෙන්ම මට මහා සංඝරත්නයේ ආශිර්වාදය, ඒ ඡන්ද සංඛ්‍යාව ලබා ගන්න ප්‍රධානම පිටුවහලක් උනා. උන්වහන්සේලා කියන දේ, උන්වහන්සේලා අනුශාසනා කරන දේ ගම්වල මිනිස්සුන්ගේ හිතට ගිහින් තිබුණා.

තුණුරුවන්ගේ බලය තරම්, විශේෂයෙන් මහා සංඝරත්නයේ බලය තරම් බලයක්, සුද්දට, කාටවත් අපේ රට අල්ල ගන්න බැරි වුනා. පෘතුගීසින් ආවා. ලන්දේසීන් ආවා. අපේ රට අල්ල ගන්න බැරි වුනා. මොකද ස්වාමීන් වහන්සේලා හිටපු හින්දා. නමුත්, සුද්දා අපේ රට අල්ල ගත්තේ ඇත්තටම අපේ මිනිස්සු රට පාවා දුන්න හින්දා. නැත්නම් මහා සංඝරත්නයේ ඒ හයිය, ඒ ආශිර්වාදය කාටහරි ලැබෙනවා නම් මං හිතන්නේ ඒක තමයි ජයග්‍රහණයේ ප්‍රධානම රහස” යැයි පැවසුවාය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top