Advertise with Giraya
FOREIGN

චීනයේ ශීත කළ ආහාර මත තිබී කොරෝනා වෛරසය හමුවෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය ශීතකළ ආහාර මතින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සිදුනොවන බව දිගින් දිගටම පවසද්දී චීනයේ නගර දෙකක් වෙත ආනයනය කරන ලද ශිතකළ ආහාර ද්‍රව්‍ය මත තිබී නව කොරෝනා වෛරසය හමුවූ බව එරට බලධාරින් සඳහන් කර සිටිනවා.

බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද ශීත කළ කුකුළු මස් වල හා ඉක්වදෝරයෙන් ආනයනය කළ ශීත කළ ඉස්සන් ඇසුරුම් පරීක්ෂා කිරීමේදී ද මෙලෙස කොරෝනා වෛරසය සොයා ගත් බව චීනය සඳහන් කරයි. චීනයේ දේශීය රෝග පාලන මධ්‍යස්ථානය විසින් එම ආහාර තොගයෙන් ගෙන් ලබාගත් මතුපිට සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු කර ගෙන ඇත.

ආහාර සුරක්ෂිතතා අවදානම තක්සේරු කිරීමේ චීන ජාතික මධ්‍යස්ථානය පසුගිය ජුනි මාසයේදි කියා සිටියේ ශීතකළ ආහාර මගින් වෛරසය ආසාදනය වීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ ආහාර අපනයනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව චීන බලධාරීන් සඳහන් කර සිටිනවා.

Giraya News Alerts

සෙල්සියස් අංශක සෘණ 20ක උෂ්ණත්වයක් යටතේ වසර 02ක පමණ කාලයක් යන තෙක් කොරෝනා වෛරසය නොනැසී පැවතිය හැකි බවත් කොරෝනා වෛරසය ශීත කළ ආහාර හරහා පැතිර යා හැකි බවට මෙතෙක් ප්‍රබල සාක්ෂි හමුවී නොමැති බව විද්‍යාඥයින් මිට පෙර සඳහන් කර සිටියා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top