පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය දිනාගත් සැණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ගෙන ඒමේ වගකීමෙන් කිසි විටක බැහැර විය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසයි. එමෙන්ම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් උතුරේ ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් ලබා දෙන ලෙස ද ඔහු ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ, කාලීන දේශපාලන තත්වය සම්බන්ධයෙන් අද(13) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ය. වැඩිදුරටත් අදහස් දක්වන ආර්.සම්බන්ධන් මහතා මෙසේද කීය
“උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද කඩමින් දෙමළ ජාතික සන්ධානයට හිමි ආසන ගණන අඩු කරන්නට රජය සැලසුම් සහගතව වැඩකළා.නමුත් අපි බලහීන වෙලා නැහැ.ඉදිරි කාලයේ අපෙන් ගිලිහුණු ආසන නැවත අත්පත් කරගන්නවා. නැවතත් ආණ්ඩු බලයට පත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ගැන ජාත්‍යන්තරය අවධානයකින් පසුවෙනවා.පහුගිය කාලයේ කටයුතු කළ ආකාරයට මතුවටත් කටයුතු කරන්න බැහැ.
යහපාලන ආණ්ඩුව විසින් ගෙන ඒමට උත්සහා කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතරමග නැවතිලා.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කර ගන්න එක වත්මන් රජයට සුලබ දෙයක්. එසේ ගෙන එනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුම් හිමිකර දිය යුතු’ යැයි ඔහු පැවසුවේ ය.
