Advertise with Giraya
POLITICS

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැටලුව විසඳා ගැනීමට අධිකරණයට යනවා – අතුරලියේ රතන හිමි

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය ඇත්තේ තමන් වහන්සේට බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති. උන්වහන්සේ මේ බව පැවසුවේ, අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

එහිදී අදහස් දැක්වමින් රතන හිමියන් පැවසුවේ අපේ ජන බල පක්ෂය, නීත්‍යානුකූල ගිවිසුම් මගින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය තමන් වෙත පවරා ඇති බවය. මෙවැනි තත්ත්වයක් මත ගැටලුව නිරාකරණය කිරීමට විවිධ පාර්ශ්ව මගින් සිදුවෙන බලපෑම් හේතුකොට ගෙන අධිකරණයට ගොස් ගැටලුව නිරාකරණය කරගැනීම සුදුසු එකම පියවර බව රතන හිමි පැවසුහ.

අපේ ජන බල පක්ෂය ලේකම් ලෙස හඳුන්වන වෙදිනිගම විමලතිස්ස හිමියන් විසින් මන්ත්‍රීධූරය ඉල්ලා මැතිවරණ කොමිසමට ලිපියක් යැව්වත්, අර්බුදය හමුවේ ඥානසාර හිමියන් නම් කිරීමත් මගින් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top