Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදිත ඉන්දීය නෞකා ආරක්ෂකයා අයි.ඩී.එච් රෝහලට

ඊජිප්තුවේ සිට ගාලුවරායට ගොඩබසිනු ලැබු නෞකා මුහුදු ආරක්ෂකයකු වශයෙන් සේවය කරන ඉන්දියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයේ දී තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි. ඒ අනුව, මෙම ඉන්දියානු ජාතිකයා කොළඹ අයි.ඩී.එච් රෝහලට පිටත්කොට යැවු බව ද වැඩිදුරටත් ඔහු සඳහන් කරයි.

මෙකි නාවික ආරක්ෂකයා හා තවත් නාවික ආරක්ෂකයින් තිදෙනෙකු ඉකුත් 11 වැනි දින ගාලු වරායට ගොඩබැස ඇත. මොවුන් සිව්දෙනාම පී. සී.ආර්. පරික්ෂණවලට ලක්කර, ඔවුන් නවාතැන් ගෙන සිටින ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක නතර කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වු බවට තහවුරු වී ඇති ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයා සමඟ පැමිණ ඇත්තේ තවත් ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු හා යුක්රේන් ජාතික මුහුදු ආරක්ෂකයකු ය. එම මුහුදු ආරක්ෂකයින් තිදෙනා ගාලු වරාය වෙත බොට්ටුවකින් රැගෙන එනු ලැබු එම බොට්ටුවේ කාර්යමණ්ඩලයේ 5 දෙනෙකු ද නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බව ද වෛද්‍ය සිංගාරච්චි සඳහන් කරයි.

Giraya News Alerts

මොවුන් නැවත දින 7කින් පී. සී. ආර්. පරීක්ෂණ සදහා යොමුකිරීමට කටයුතු කරන බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි වැඩිදුරටත් පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top