Advertise with Giraya
POLITICS

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

මෙවර මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 07 සඳහා නියෝජිතයින් පත් කිරීම මේ වනවිට අවසන් කර ඇති අතර ඒ පිළිබඳ එම පක්ෂය අද (13) මැතිවරණ කොමිසමට දැනුම් දීමට නියමිත එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

අදාළ මන්ත්‍රී ධුර පිරිනැමීමේ දී සමගි ජන බලවේගය සමග එක්ව සිටින සුළු පක්ෂවලට ද අවස්ථාවක් ලබා දිය යුතු බවට එම පක්ෂවල නායකයින් ඉල්ලීම් කිරීමත් සමග ජාතික ලැයිස්තු නම් කිරීම ප්‍රමාද විය. පසුව, සමගි ජනබලවේගයේ සාමාජික පක්ෂ සියල්ල ඒකමතිකව තීරණය කළේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර සම්බන්ධයෙන් වන අවසන් තීරණයට එළඹීමේ බලය පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස හට පැවරීමටයි.

කෙසේ වෙතත්, එම අර්බුදකාරී තත්ත්වය හමුවේ සමගි ජන බලවේගයේ පහත නම් සඳහන් පුද්ගලයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් කර තිබෙනවා.

Giraya News Alerts
  1. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර
  2. ඉමිතියාස් බාකීර් මාකර්
  3. තිස්ස අත්තනායක
  4. හරීන් ප‍්‍රනාන්දු
  5. මයන්ත දිසානායක
  6. ඉරාන් වික‍්‍රමරත්න
  7. ඩයනා ගමගේ

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමත් සමග මේ වන විට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරි ව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයයි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරිමට එම පක්ෂය ඊයේ දිනයේ තීරණය කර තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top