ඉන්දියාවේ දී මියගොස් ඇතැයි පැවසෙන පාතාල කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස පැවසෙන අසිත හේමතිලක නොහොත් ‘සොල්ටා’ නැමැත්තා මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී පොලිස් නිලධාරීන් පිරිසක් කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අදාළ සැකකරු අත්අඩංගුවට යාමේ දී පොලීසිය වෙත අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට උත්සාහ දරා ඇති අතර ඒ අවස්ථාවේදී පොලීසිය විසින් සැකකරු වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට පොලිස් පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත. මේ සිද්ධියෙන් පසුව පොලිසිය විසින් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹන ලදී.
